උසස් පෙළ සිසුන්ට සුබ ආරංචියක්

ජූනි 14, 2023

    අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනපුරා ඇඟයීම් මධ්‍යස්ථාන 39කදී ඇඟයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු ක්‍රියාත්මකයි.

    නගර 18ක් ක්‍රේන්ද්‍ර කරමින් ජූලි මස 04 වැනි දා දක්වා මේ සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

    විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම ඇගයීම් කටයුතු අවසන් වීමත් සමඟ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

    Latest News