කොවිඩ් 19 සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කමිටු 02ක්

ජූනි 09, 2023

    කොවිඩ් 19 සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය කමිටුව, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විතයි. රට තුළ කොවිඩ් 19 සහ ඩෙංගු රෝගය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම ඊට පැවරෙනවා.

    මේ අතර, ක්‍ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් සහිත සාමාජිකයන් 11 දෙනෙකුගෙන් විද්වත් කමිටුව සමන්විත වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එම කමිටුව පත්කරනු ලැබ ඇත්තේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින්.

    සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මියගේ සභාපතිත්වයෙන් එම කමිටුව ක්‍රියාත්මකයි. විද්වත් කමිටුවට සහයවීම සඳහා පළාත් මට්ටමින් අනු කමිටු 09ක් ද පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වුණා. විද්වත් කමිටුව ලබන අඟහරුවාදා රැස්වීමට නියමිතයි.

    Latest News