මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථාන මඟින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථනයක් අසළ දී පොලිස් නිලධාරීන් පිරිසක් අතර ඇති කරගත් ආරවුල සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද ඊයේ (06) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.