සංවේදී පරිසරය නිසා කඩිනම් විය යුතු නඩු තීන්දු (වීඩියෝ)

ජූනි 06, 2023
  • පරිසර විනාශයන් සම්බන්ධයෙන් පවරන නඩු සඳහා කඩිනමින් තීන්දු ලබාදෙන ක්‍ර‍මවේදයක් සකස් වියයුතු බව, ආදිවාසී නායක, ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසනවා.

    තීන්දු ලබාදීමට දීර්ඝ කාලයක් ගතවන නිසා, එම කාලය තුළ පරිසරයට සිදුවිය හැකි හානිය සිදු වී අවසන් වන බවයි ආදිවාසී නායකයා කියා සිටින්නේ.

    ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මේ අදහස් පළ කළේ, ඊයේ මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ පැවති ජගත් පරිසර දින වැඩසටහනට එක්වෙමින්. මීට සමගාමීව පැළ බෙදා දීමක් ද මෙහිදී පැවැත්වුණා.

    Latest News