ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 16%කින් අඩු කෙරේ

ජූනි 06, 2023

    ඖෂධ වර්ග 60 ක උපරිම සිල්ලර මිල ජූනි මස 15 වැනි දින සිට සියයට 16 කින් අඩු කිරීමට, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

    සෑම මාස 3 කට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීමට ද නියමිතයි.

    අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව, රුපියල අවම ප්‍රමාණය වීම සැලකිල්ලට ගනිමින් ඖෂධවල උපරිම සිල්ලර මිල අවස්ථා කිහිපයකදී සියයට 97 ක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දී තිබුණා. ඖෂධවල මිල නියම කිරීම ඇතුළු සියලු කරුණු සඳහා නියාමක ලෙස ක්‍රියා කරනු ලබන්නේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියයි. රජය අනුගමනය කරනු ලබන වත්මන් ආර්ථික ස්ථායිකරණ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස, ඩොලරයේ අගය සැලකිය යුතු මට්ටමින් අඩු වී තිබෙනවා. ඖෂධ මිල අඩු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබවේ ඒ අනුවයි‍.

    Latest News