අද සිට විදුලි සැපයීමට සීමාවක්

මාර් 25, 2019

    රට පුරා දිනකට පැය හතරක විදුලි කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

    බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා බිඳවැටීම් වළක්වා ගැනීමේ අරමුණෙන් මෙම පියවර ගැනීමට සිදුවන බවයි, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එස්.ඩී.ඩබ්.ගුණවර්ධන මහතා පවසන්නේ.  

    ඒ අනූව අද සිට පෙ.ව 8.30-පෙ.ව11.30, පෙ.ව 11.30-ප.ව2.30, ප.ව 2.30-ප.ව5.30 හා ප.ව 6.30-ප.ව7.30 හෝ ප.ව7.30-ප.ව8.30 කාලය තුළ විදුලිය විසන්ධි කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. 

    Last modified on සදුදා, 25 මාර්තු 2019 14:35

    Latest News