සා.පෙළ විභාගය ලියන්න සූදානම් අයට මෙන්න

මැයි 17, 2023

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022(2023) විභාගය මැයි 29 වැනි දින සිට ජුනි මස 08 වැනි දා දක්වා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

    ඒ අනුව විභාග ප්‍රවේශපත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පාසල් ප්‍රධානීන් වෙත ද පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර අදාළ අයදුම්කරුවන් වෙත ද බාගත කිරීමේ අවස්ථාවද මෙම මස 18 වැනිදා සිට ලැබෙනු ඇති.

    විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk වෙත පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Latest News