දිස්ත්‍රික්ක 7ක ජනතාව පීඩාවට

මැයි 15, 2023

    අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 ක් ආපදාවට ලක්ව තිබෙනවා.

    පවුල් 428 ක 1872 දෙනෙකු ආපදාවට ලක්ව ඇති අතර, එක් අයෙකු සුළු තුවාල ලබා ඇති බවයි, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසන්නේ.

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

    අමතර නාවික හමුදා සහන කණ්ඩායම් මේ වන විටත් සූදානම් කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

    Latest News