ලොරි - වෑන් ගැටුමෙන් බිළිඳියක් මරුට

මැයි 13, 2023

    තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 7.30ට පමන සිදුවූ ලොරි - වෑන්රථ ගැටුමෙන් 06 දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රොහලට ඇතුලත් කර තිබෙනවා.

    අනතුරෙන් තුවාල ලැබූ මාස 7ක් වයස බිළිඳියක් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. ඇයගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත යවා ඇත. අනතුර සිදුවන අවස්තාවේ තංගල්ලේ සිට වෑන්රථය අඟුණුකොළපෑලැස්ස බලා ගමන් කරමින් සිට ඇති අතර රන්න⁣ ප්‍රදේශයේ සිට තංගල්ල බලා ගමන් කරමින් තිබු ලොරි රථය ගොඩිගමුව ප්‍රදේශයේදි මෙලෙස වෑන් රථයේ ගැටීතිබෙනවා. අනතුර සිදුවන අවස්තාව වන විට වෑන් රථයේ එකම පවුලේ 05 දෙනෙකු වන මව,පියා සහ දියනියන් තිදෙනා ගමන් කර ඇත. ලොරි රථය පැදවූ රියදුරාට නින්ද යාම අනතුරට හේතුව බවයි තංගල්ල පොලිසිය පවසන්නේ.

    Latest News