හික්කඩුවේ මෝටර් රථ ජාවාරමක් එළියට

මාර් 23, 2019

    මෝටර් රථ කොටස්වලට ගලවා රහසිගතව මෙරටට ගෙන්වා එකළස් කර මෝටර් රථ සකස් කරමින් සිටි සිව් දෙනෙකු සමඟ එලෙස සවි කරන ලද ලෑන්ඩ් කෘසර් වර්ගයේ ප්‍රාඩෝ රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මීටියාගොඩ පොලීසියයි මෙම වැටලීම සිදු කර තිබේ. හික්කඩුව, කලුපේ ප්‍රදේශයේ ධීවරයෙකුගේ නිවසේ වාහනයක් පින්තාරු කරන මුවාවෙන් කාර්මිකයන් දෙදෙනෙකු වාහන කොටස් මෙරටට ගෙන්වා ඇත. තවත් ව්‍යාපාරිකයෙකු සමග එක්වයි ඔවුන් මෙම ප්‍රාඩෝ රථය එකළස් කරමින් සිට ඇත්තේ. එම නිවසේ හිමිකරු වූ ධීවරයා සමඟ වාහනය එකළස් කළ තිදෙනායි මෙලෙස මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණේ. මෙම මෝටර් රථයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 220ක් පමණ වෙයි.

    එම ජීප් රථයට සමාන රථයක ලියාපදිංචි අංකය ව්‍යාජ ලෙස මෙම රථයට සවිකර තිබේ. අදාළ සැකකරුවන් සිව් දෙනා ඊයේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහි දී එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක හමාර බැගින් ශරීර ඇප මත නිදහස් කර තිබිණ. මේ පිළිබඳව විමර්ශන සිදු කරන බවයි, මීටියාගොඩ පොලීසිය පවසන්නේ.

     

     

     

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 10:31

    Latest News