මහ බැංකු පනත් කෙටුම්පත ගැන විවාදය කල්දැමේ

මැයි 09, 2023

    ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තු විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

    එම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතව තිබුණේ, ලබන 11 වැනි දිනයි.

    මේ අතර, දැනට ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකු කෙටුම්පත වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාවන්ට අනුකූලව නව කෙටුම්පතක් සකස් කිරීමට කටයුතු කරන ලෙස, ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත අද ලිපියක් බාර දුන්නා.

    ඒ, පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. පූජ්‍ය අතුරලියේ රතන හිමි, වාසු දේව නානායක්කාර, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

    Latest News