කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු අල්ලයි

මැයි 09, 2023

    කළුතර සිරිකුරුස හන්දිය ප්‍රදේශයේ හෝලයක් පිටුපස දුම්රිය මාර්ගයක තිබිය දී අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

    ඔහු ගාල්ල, පානදුර සහ කළුතර ප්‍රදේශවල පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු බවත් අදාළ සැකකරු දැනට කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන සිටින අයෙකු බවයි පොලීසිය පවසන්නේ.

    මැයි 06 වැනිදා රාත්‍රියේ මෙම සිදුවීම සිදුවී තිබු අතර එම හෝටලයට පැමිණ තිබූ අනෙක් යුවළ පොලිස් අත්අඩංගුවට පත්වුණා.

    ඔවුන් කළුතර නාගොඩ පදිංචිකරුවන් වන අතර ඊයේ දිනයේ දී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලැබුවා.

    ඔවුන් තිදෙනාම කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

    මියගිය සිසුවිය සමග අවසාන මොහොත දක්වාම සිට පළාගොස් සිටි ප්‍රධාන සැකකරු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර සැකකරු හික්කඩුව ප්‍රදේශයේ සැඟව සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වුණා.

    Latest News