පැය 10ක් අද කොළඹට වතුර නෑ

මැයි 08, 2023

    අද (08) පෙ.ව 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

    ඒ ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන්‍ කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවීම හේතුවෙන්.

    ඒ අනූව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය,ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කොට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සි‍ටනාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලුම අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති.

    අවශ්‍ය පරිදි ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රදේශවාසීන්ට දැනුම් දෙනවා.

    තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා 1939 ක්ෂණික දුරකථන අංකයට ඇමතුමක් ලබාගත හැකියි.

    Last modified on සදුදා, 08 මැයි 2023 07:58

    Latest News