නාය යෑමේ අනතුරු ඇඟවීම්

මැයි 07, 2023

    නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.

    අද (07) පෙරවරු 9.00 සිට හෙට (08) පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, බද්දේගම සහ යක්කලමුල්ල යන ප්‍රදේශවලටත් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව ප්‍රදේශයට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, අලව්ව ප්‍රදේශවලටත් මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල ප්‍රදේශවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

    Latest News