උසස් පෙළ ඇගයීම් කටයුතු ගැන දැනුම් දීමක්

මැයි 03, 2023

    උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට Online ක්‍රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

    ඒ අනුව, හෙට (04) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එම කාලය දීර්ඝ කළ බවත් ගුරුවරුන්ට ඇගයීම් කටයුතු සඳහා තවදුරටත් අයඳුම් කිරීමේ හැකියාව පවතින බවයි ඔහු සඳහන් කළේ.

    උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට Online ක්‍රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ කාලය ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.

    Last modified on බදාදා, 03 මැයි 2023 09:38

    Latest News