දෙමළ දේශපාලකයෙක් ඝාතන සැලසුමක් - 12 ක් රඳවා ප්‍රශ්න කිරිමට නියෝග

මාර් 22, 2019

    පසුගිය යුද සමයේ LTTE සංවිධානය විසින් උතුරු සහ නැගෙනහිර වලදමා තැබූ හා හංගලා තිබු ගිනි අවි, අත් බෝම්බ හා අවි ආයුධ සොයා පාතාල කල්ලිවලට විකුණු LTTE සංවිධානය සම්බන්ධ පැවැත්වූ පුද්ගලයන් හා පාතාල කල්ලි සාමාජිකයන් ඇතුළු 12 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද අවසර ලබා දුනී.

    ලැබුණු රහසි ගත තොරතුරු අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම විමර්ශන සිදු කල බවත්, කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි එක් සැකකරුගේ නිවස අසලින් වලලා තිබු ජීව ක්ලේමෝ බෝම්බයක් ද අත්අඩංගුවට අරගෙන ඇති බවත් විමර්ශන නිළධාරීන් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

    මේ අතර ද්‍රවිඩ ජාතික සැකකරුවෙක් විසින් පාතාල කල්ලි සාමාජිකයන්ට පිස්තෝල පහක් හා තවත් අවි ආයුධ රැසක් විකුණා ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙන බවත් විමර්ශන නිළධාරීන් අධිකරණයට තවදුරටත් කියා සිටියේය.

    විදේශ ගතවී සිටින හිටපු LTTE සාමාජිකයන්ගේ උපදෙස් මත ද්‍රවිඩ ජාතික දේශපාලකයෙක් ඝාතන කිරීමට මෙම ආයුධ භාවිතා කිරීමේ සැලසුම් තිබු බව විමර්ශන වලින් හෙලි වී ඇත. ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති LTTE සංවිධානය නැවත සක්‍රිය කිරීමට උත්සාහ පවතිනවාද යන්න විමර්ශන කරන බව ද විමර්ශන නිළධාරීන් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

    පොලිස් අධිකාරීවරයෙකු විසින් නිකුත් කල රඳවා ගැනීමේ නියෝග අනුව රඳවාගෙන ඇති මෙම සැකකරුවන් නැවත ලබන අප්‍රේල් 26වනදා අධිකරණයට නිරික්ෂණය සඳහා ඉදිරිපත් කිරීමට නියෝග කෙරිණ.

    Latest News