20 වැනි සංශෝධනය - UNP-JVP සාකච්ජා

මාර් 22, 2019

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද එක්සත් ජාතික පක්‍ෂය සමඟ සාකච්ජා පැවැත්විණ.

    ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී. සාකච්ජාව සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් එක්වූහ.

    ජනතා විමුක්ති පෙරමුණෙන් සාකච්ජාව සඳහා එක්වී ඇත්තේ පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්.

    එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා....

    "අපේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කළා 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකෙන් සම්මත කරගන්න එක්සත් ජාතික පක්‍ෂයෙත් සහය ලබාදෙන්න කියන එක. එක්සත් ජාතික පක්‍ෂයෙන් කියපු දේ තමයි පහුගිය පක්‍ෂ සම්මේලනයේ දී එක්සත් ජාතික පක්‍ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රතිපත්තියක් ලෙස එකඟයි කියන තීන්දුව ගත්ත එක. නමුත් එක්සත් ජාතික පෙරමුණේ අනෙක් පක්‍ෂ සමඟ සාකච්ජා කරන්න ඕනේ කියලා කිව්වා. ඒ නිසා අද දවසේ සාකච්ජාව ඇත්තටම අපි හිතනවා මේ විධායක ක්‍රමය අහෝසි කිරීම සඳහා යම් සාධනීය පියවරක් තිබ්බයි කියන එක“ යැයි ඔහු පැවසීය.

    Last modified on සිකුරාදා, 22 මාර්තු 2019 20:01

    Latest News