අද සවසටත් තද වැසි

මැයි 01, 2023

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර සබරගමුව,මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවේ. තද වැසි සමග තද සුළං සහ අකුණු ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    නැගෙනහිර පළාත, මුලිතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ වැසි ඇති වෙයි.

    Latest News