කොළඹට දැඩි ආරක්ෂාව

මැයි 01, 2023

    අද පැවැත්වෙන මැයි දින පෙළපාලි හා රැස්වීම් හේතුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

    ඒ අනුව ආරක්ෂාව, රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සාමාන්‍ය රථවාහන ධාවනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේවනවිට සූදානම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

    ඒ අනුව, කොළඹ නගරයේ පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් පිළිබඳ අවධානය යොමු කර ඇති අතර ඒ සඳහා සහභාගී වන පිරිස් පැමිණෙන බස්රථ සහ රථවාහන ගාල් කිරීමට ද වෙන වෙනම ස්ථාන නම් කර තිබෙනවා.

    Latest News