ඉදිරි දින කිහිපයේදීත් බොහෝ ප්‍රදේශවලට වැසි

අප්‍රේ 30, 2023

    ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඊයේත් බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාවක් ඇතිවුණා.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අණතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි, එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතනිවා. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Latest News