හල්දුම්මුල්ලට හා කෑගල්ලට නායයෑම් අනතුරු ඇඟවීම්

අප්‍රේ 29, 2023

    බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හා කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායායෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

    එම අනතුරු ඇගවීම් හෙට පසුවරු 02.30 දක්වා බල පැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ. පසුගිය පැය 24 තුළ එම ප්‍රදේශවලට මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් පැවති බචටයි වාර්තා වන්නේ.

    වර්ෂාව තවදුරටත් පවතී නම් නාය යෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළිමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    Latest News