IMF ‍යෝජනාවට පක්ෂව වූවාට ෆවුසිට විනය ක්‍රියාමාර්ග

අප්‍රේ 29, 2023

    අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතා පිළිබඳ ඊයේ පැවති ඡන්ද විමසීමේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා ඊට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ, අද පැවති මාධ්‍ය හමුවකදී.

    සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බවයි.

    සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ ඒ.එච්.එම් ෆවුසි මහතා මෙලෙස දිවුරුම් දුන්නා.

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මහතා පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා විය.

    Last modified on සෙනසුරාදා, 29 අප්‍රේල් 2023 16:42

    Latest News