තවත් බස් 27ක් ලංගම බල ඇණියට

අප්‍රේ 29, 2023

    ‍ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කෙරුණු බස් රථ 27 ක්, ‍අනුරාධ පුර දිස්ත්‍රිකයේ ඩිපෝ වෙත බාර දීම, අද සිදු කෙරුණා.

    ඒ, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.  බස් රථවල වටිනාකම රුපියල් ලක්ෂ 2,970 ක්. ‍ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස් රථ 500 ක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. නිදහස් සමරුවට ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය ය‍ටතේ ලැබෙන බස් රථ 500 යම අප්‍රේල් මස අවසන් වන විට මෙරට පොදු ප්‍රවාහන ජාලයට එක් කිරීමට නියමිතයි.

    එමෙන්ම, ලංකා ගමනා ගමන මණ්ඩලයේ කාර්මික අංශය අලුත් වැඩියා කළ බස් රථ 400 ක් ද මේ වසර තුළ ලංගම බස් රථ ඇණියට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දින අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ද බැහැ දුටුවා. මැති ඇමතිවරුන් අතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News