මවුස්සාකැලේට කෘතීම වැසි වසි (ඡායාරූප)

මාර් 22, 2019

    මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් ඉහල අහසේ වලාකුළු මත රසායනික ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව එම ජල පෝෂක ප්‍රදේශවලට අද (22) පස්වරු 1 සිට 1.45 දක්වා වර්ෂාවක් පතිත විය.

    අද උදැසන 11 ට පමණ ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ අඩි 8000 ක් වු ඉහල අහසේ වලාකුළු මත රසායනික ද්‍රව්‍යයක් මුදා හැරිමෙන් පසුවයි එම ජල පෝෂක ප්‍රදේශයට වර්ෂාව පතිත වුයේය.

    ගුවන් හමුදාවේ වයි12 ගුවන් යානය විනාඩි 45 පමණ කාලයක් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ ඉහල අහස්ගැබේ වලකුළු මත පියසර කරමින් රසායනික ද්‍රව්‍යය වලාකුළු මත මුදා හරිනු ලැබිණ. ඉදිරි දින කිහිපයේදිත් කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සදහා ගුවන් මගින් වලාකුළු මත රසායනික ද්‍රව්‍යය මුදා හැරිමට කටයුතු කරන බව ලංකා විදුලි බල මන්ඩලයේ උසස් නිලධාරියෙකු කියා සිටියේය.

    artificialrainmussa21 px 90

    artificialrainmussa1 px 900

    Latest News