කෘතීම වැසි පරික්ෂණ - මවුස්සාකැලේ ජලාශයට

මාර් 22, 2019

    මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබිණ.

    ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළුවලට කෘතිම වැසි අති කිරිම සදහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍ය ඉසීම සිදුකර ඇත.

    ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදසැන ගුවන් ගත වු වයි12 ගුවන් යානයෙන් මවසුසාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළු මතින් පියාසර කර විනාඩි 45 කාලයක් කෘතිම වැසි ඇති කිරිම සදහා වලාකුළු මතට රාසායනික ද්‍රව්‍යය මුදා හැර ඇති බවයි. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් අනුව තායිලන්ත ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

    1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතියක් සාර්ථකව සිදුකර ඇතැයි විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු පවසයි. ශ්‍රී පාද කදුවැටියට ඉහලින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඉහලින් වු පැහැපත් වලාකුළු වලට ගුවන් යානයෙන් රසායනික ද්‍රව්‍ය ඉසිමෙන් අනතුරුව කළු පැහැයක් ගන්නා අයුරු අප වර්තාකරු රන්ජිත් රාජපක්ෂගේ කැමරාවේ සටහන් සටහන්ව තිබේ.

     

     

    Latest News