ශ්‍රී ලංකාවට පහළින් නව භූ තල මායිමක්

අප්‍රේ 27, 2023

    ශ්‍රී ලංකාවට කිලෝමීටර 900-1000ක් දුරින් නව භූ තල මායිමක් ඉන්දු- ඔස්ට්‍රේලියානු භූ තැටිය දෙකඩ වෙමින් නිර්මාණය වීමේ ප්‍රවණතාවක් හා ලක්ෂණ පෙන්නුම් කරන බව භූවිද්‍යාඥයන් විශ්වාස කරන බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම මහතා පැවසීය.

    ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

    මෙවැනි දෙයක් සඳහා වසර සිය ගණනක් ගතවන බවද කී අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ නව තල මායිමක් නිර්මාණය වීම මඟින් අනාගතයේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව වැඩි වශයෙන් භූමිකම්පා ඇති වීමේ තත්ත්වයක් ඇති විය හැකි බවද කීය.

    2020 වර්ෂයේ මෙරට භුකම්පන 16ක්ද, 2021 වර්ෂයේ භූ කම්පන 18ක්ද, 2022 භූ කම්පන 05ක්ද, 2023 මේ වන විට භූකම්පන 09ක්ද සිදු වී තිබෙනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 අප්‍රේල් 2023 09:12

    Latest News