උතුරු දිග පිලිපීනය සෙලවෙයි

ඔක් 26, 2022

    ‍උතුරු දිග පිලිපීනයේ, භූකම්පනයක් හට ගෙන තිබෙනවා‍. එය, රිච්ටර් මාපංක 6.4 ක් ලෙසයි සටහන්ව තිබුණේ.

    පිලිපීනයේ මැනිලා අගනුවරට කිලෝ මීටර 330 ක් දුරින් පිහිටි‍ "ඩොලෝර්ස්" නගරයේ භූකම්පනය හට ‍ගෙන ඇත්තේ. භූකම්පනයෙන් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    කෙසේ වුවද මෙතෙක් ජීවිත හානි පිළිබඳ වාර්තා වන්නේ නැහැ.  භූකම්පනය නිසා ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වසා දැමීමට ද එරට බලධාරීන් ක්‍රියා කළා. බොහෝ පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කළ  බවයි, වාර් තා වන්නේ.

    භූකම්පනය හට ගැනීමත් සමග කලබලයට පත් ජනතාව වීථි වෙත දිවවිත් තිබෙනවා. තුවාල ලබා ඇති බහුතරයක් එලෙස දිව යා පුද්ගලයන්. ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමටයි, බලධාරීන් ක්‍රියා කළේ‍.

    Last modified on බදාදා, 26 ඔක්තෝබර් 2022 11:19

    Latest News