ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7කට ස්ථාන මාරු

අප්‍රේ 26, 2023

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව සේවයේ අවශ්‍යතාව මත මෙම මාරුවීම් සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා, පොලිස් මූලස්ථානයේ සිට, මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා. එම පළාත බාරව සිටි ප්‍රියන්ත වීරසූරිය මහතා අපරාධ හා රථවාහන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි මාරුකර ඇත්තේ. කිත්සිරි ජයලත් මහතා, නැගෙනහිර පළාතේ සිට වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර යවා තිබෙනවා. දකුණු පළාත බාරව සිටි අජිත් රෝහණ මහතා, නැගෙනහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුවීම් ලැබ සිටිනවා.

    ආර්.එල්.කොඩිතුවක්කු මහතා වෛද්‍ය සේවා සුබසාධක හා ක්‍ෂේත්‍ර බලකා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට පොලිස්පති සහයක සේවා තනතුර වෙත මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා අපරාධ හා රථවාහන දිසාවේ සිට වෛද්‍ය සේවා සුබසාධක හා ක්‍ෂේත්‍ර බලකා දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුවීම් ලැබ සිටිනවා.

    Latest News