මනම්පිටිය ගඩොල් කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවට

අප්‍රේ 26, 2023

    ගැටලු රැසක් හේතුවෙන්, මනම්පිටිය, මාගම්තොට ගඩොල් කර්මාන්තය බිඳවැටීම නිසා කර්මාන්තකරුවන්, දැඩි අසීරුතාවට පත්ව ඇති බව, අප වාර්තාකරු පවසනවා.

    ඔවුන් ඉල්ලා සිටින්නේ, තම ගැටලු විසඳා ගැනීම සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි.

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මනම්පිටිය, මාගම්තොට ගම්මානයේ දිවිගෙවන පවුල් 100 කගේ පමණ ජීවිකාව වන්නේ, ගඩොල් කර්මාන්තයයි. රුපියල් 20 ත් 25 ත් අතර මිලට තිබූ ගඩොල් කැටයක්, අද වන විට රුපියල් 10 ත් 15 ත් අතර මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවයි, ඔවුන් පවසන්නේ‍. අමුද්‍රව්‍ය හිඟය කර්මාන්තයට දැඩි බලපෑමක් සිදු කර තිබෙනවා. ප්‍රවාහන කුලියද ඉතා ඉහළ බවයි, කර්මාන්තකරුවන් පවසන්නේ. වෘත්තීයට බාධා පැමිණ ඇති බැවින්, දෛනික ජීවිතයේ ගැටලු රැසකට මුහුණ දෙන බවයි, ඔවුන් පවසන්නේ.

    Latest News