පාස්කු ප්‍රහාර මාලාවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (24) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබෙනවා.

දිවයිනේ තහනම් කර ඇති සංවිධානවල සාමාජිකයින් බවට රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත අම්පාර පොලිසීය මගින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන දින 90ක රැදවුම් නියෝග ලබා විමර්ශන සිදුකරමින් සිටි ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී තිබේ.

සේවයේ අවශ්‍යතාව මත ත්‍රස්තව විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කර තිබේ.

Latest News