වන්දි ගන්න සිංගප්පූරුව අධිකරණයට

අප්‍රේ 24, 2023

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත්වීම හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුවූ පරිසර හානියට අදාළ වන්දි ඉල්ලා අද (24) දිනයේ සිංගප්පූරු අධිකරණයකදී නඩු පැවරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව සිංගප්පූරුවේ නීතීඥ සමාගමකට අදාළ කටයුතු සිදු කිරීම සඳහා භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

    මෙම නෞකාව කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වුණේ 2021 වසරේ මැයි 20 වැනිදායි. අනතුර සිදුවන අවස්ථාවේ නෞකාවේ බහාලුම් 1,486ක් පමණ තිබූ අතර, ඉන් බහාලුම් විශාල ප්‍රමාණයක් මෙරට මුහුදට ඇද වැටූ බවයි සඳහන් වන්නේ.

    Latest News