කොළඹට එන්න විශේෂ ප්‍රවාහන පහසුකම් අදත්

අප්‍රේ 17, 2023

    දිවයින පුරා විශේෂ ප්‍රවාහන සේවා අද (17) දිනයේ ද ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

    ඒ, සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහායි.

    ඒ අනූව, එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා සඳහන් කළේ, ඊයේ (16) දිනයේ ද ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය පියවර ගත් බවයි.

    අද දිනයේද ජනතාවට කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වාරද ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    Latest News