ජනපතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය

අප්‍රේ 14, 2023

    පක්ෂ, ජාති, ආගම් භේද පසෙ‍කලා, නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට, මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.



    සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

    පසුගිය වසරේ සිංහල - දෙමළ අලුත් අවුරුද්ද එළඹෙද්දී, අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකටයි. අවුරුදු සැමරීම ප‍සෙ‍කලා එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේ අරගලයකට අප මැදිව සිටියා. නමුත්, මේ අවුරුද්ද එළඹෙන්නේ, අප සැමටම කිසියම් සහනදායී පරිසරයක් උදා කරමින් බව, ජනාධිපතිවරයා පවසනවා. අප වෙහෙසිය යුත්තේ, එළඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් සමෘද්ධිමත් කර ගැනීමටයි. එම ප්‍රාර්ථනාම මුදුන්පත් කර ගැනීමට හැකි වනූයේ, අප සියලුදෙනා එක මවකගෙ දරුවන් ලෙස, එක මඟක ඉදිරියට යාමෙන් පමණක් බව, ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවුඩයේ සඳහන්.

    Latest News