විගණන කොමිසම දිවුරති

අප්‍රේ 11, 2023

    විගණන සේවා කොමිෂන් සභාව අලුතින් පත් කෙරුණු සාමාජිකයෝ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (10) දිවුරුම් දුන්හ.

    විගණන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් පසුගියදා තෝරා ගෙන එම නම් ජනපතිවරයාගේ අනුමැතියට ඉදිරිපත් කරනු ලැබීය.

    විගණන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපති ඩබ්ලිව්. පී.සී වික්‍රමරත්න මහතා නිල බලයෙන් තේරී පත්විය.

    කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ඤාණනන්දරාජා තේවඥානන්, ඒ. එම්. ධර්මජිත් නයනකාන්ත යන මහත්ම මහත්මීහු දිවුරුම් දුන්හ.

    Latest News