ලංකාවට තවත් සුබ ලකුණක්

අප්‍රේ 11, 2023

    අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහය වීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සූදානම් බව, එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය පවසනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සංවාද මණ්ඩපයක අදහස් දක්වමින් ඇය ඊයේ මේ බව කියා සිටියා.

    ශ්‍රී ලංකාව සහ යුක්රේනය වැනි රටවල් කිහිපයකට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ලබා දුන් බවත්, එම රටවල් දැන් මුහුණ දෙන අභියෝග ජය ගැනීමට සහය වන බවත්, ඇය ප්‍රකාශ කර තිබෙනවා.

    අවදානමට ලක් වන මැදි ආදායම්ලාභී රටවලට ලබා දෙන සහය ඉහළ නැංවීමට ද, පියවර ගෙන තිබෙනවා.

    අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය හිමිව ඇති රටවල් මුහුණ දෙන දුෂ්කරතා මැඩලීමට සහය වීමට ලැබීම භාග්‍යක් බවයි, ජෝර්ජිවා මහත්මිය සඳහන් කර ඇත්තේ.

    දුෂ්කරතා හමුවේ නොසැලී සිටින ලෙසත්, ශ්‍රී ලංකාවට සහය වීමට මිතුරන් රැසක් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ද සෑම විටම සිටින බවත්, ඇය අවධාරණය කර සිටියා.

    Latest News