ඉන්ධන කෝටාව ඉහළට

අප්‍රේ 04, 2023

    පවතින ඉන්ධන කෝටාව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

    ඒ, එළඹෙන උත්සව සමයේ වැඩිවන ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන්.   ඒ සඳහා පෙර සැලසුම් කළ පරිදි අවශ්‍ය තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මේවන විටත් ඇනවුම් කර තබාගෙන තිබෙනවා.   ඒ අනුව, සතියකට විශේෂ රෝද රථ සඳහා ලබාදෙන ලීටර 10ක ඉන්ධන කෝටාව ලීටර් 15ක් දක්වා ද, සාමාන්‍ය ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ලීටර 5ක ඉන්ධන කෝටාව ලීටර් 8ක් දක්වා ද ඉහළ නංවා තිබෙනවා.

    යතුරු පැදි සඳහා ලීටර් 4ක් දක්වා ලබාදුන් ඉන්ධන කෝටාව ලීටර් 7ක් ද, බස් රථ සඳහා ලීටර් 40ක් දක්වා ලබාදුන් ඉන්ධන කෝටාව ලීටර් 60ක් දක්වා ද, කාර් රථ සඳහා ලබාදුන් ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වා ද ඉහළ නංවා තිබෙනවා. ඉඩම් වාහන සඳහා ලබාදෙන ලීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 25ක් දක්වාත්, වැඩි කර තිබෙනවා.

    ලොරි රථ සඳහා ලබාදෙන ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වාත්, කොඩ්රික් සයිකල් වාහන කාණ්ඩය සඳහා ලබාදුන් ලීටර් 4 ඉන්ධන කෝටාව ලීටර් 6ක් දක්වාත්, වි‍ශේෂ කාර්ය වාහන සඳහා ලබාදෙන ලීටර් 20 ‍ඉන්ධන කෝටාව ලීටර් 30ක් ද, වෑන් රථ සඳහා ලබාදුන් ලීටර් 20 ඉන්ධන කෝටාව ලීටර් 30ක් ද වන සේ ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

    Latest News