අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

අප්‍රේ 04, 2023

    සිංහල, හින්දු අලුත් අවුරුදු උත්සවය මෙන්ම දීර්ඝ නිවාඩු කාලසීමාව හේතුවෙන් අද සිට ලබන 17 දක්වා විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා.

    ඒ අනුව, සාමාන්‍ය දුර ගමන් සේවා දුම්රියවලට අමතරව, විශේෂ ධාවනය සිදු කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.

    අද සවස 7.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන තිබුණා. එම දුම්රිය ලබන 6, 12 සහ 16 යන දිනවල ද ක්‍රියාත්මකයි. හෙට සිට ලබන 16 වැනිදා දක්වා කොළඹ කොටුවෙන් බදුල්ල බලා තවත් දුම්රියක් උදෑසන 6.30 ට ධාවනය කෙරෙන අතර, එය පස්වරු 5.15 වන විට බදුල්ලට ලඟා වීමට නියමිතයි. එම දුම්රිය ලබන 14 වැනි දින ධාවනය කෙරෙන්නේ නැහැ.

    මේ අතර, අද සවස 5.20 ට බදුල්ල සිට කොළඹ කොටුව බලා දුම්රියක් ධාවනයට පියවර ගැනුණා. එම දුම්රිය ලබන 6, 12 සහ 16 යන දිනවලද එම කාලසටහනට අනුව ක්‍රියාත්මකයි. බදුල්ල සහ කොළඹ අතර තවත් දුම්රියක් ධාවනය කෙරෙන්නේ, ලබන 6 වැනිදා සිට 17 දක්වායි. එම දුම්රියද 14 වැනිදා ධාවනය කෙරෙන්නේ නැහැ

    ශ්‍රී ලංකා දුම්රිය සේවය, මුහුදුබඩ මාර්ගයේ සහ උතුරු මාර්ගයේද විශේෂ දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, කොළඹ කොටුවෙන් රාත්‍රී 7.20 ට ගාල්ල බලා දුම්රියක් ධාවනය කෙරෙනවා. ඒ, ලබන 15 සහ 16 යන දිනවලයි. ලබන 6 වැනිදා මරදාන සිට බෙලිඅත්ත බලා උදෑසන 6.05 ට තවත් දුම්රියක් ක්‍රියාත්මකයි. ලබන 9 සහ 16 යන දිනවල අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා දහවල් 12.30ටද දුම්රියක් ධාවනය වනවා. ගාල්ල සිට කොළඹ කොටුව බලා දුම්රියක් උදෑසන 6.10 ට ධාවනය කෙරෙන අතර, ඒ, ලබන 16 සහ 17 යන දිනවලයි. ලබන 6 වැනිදා බෙලිඅත්ත සිට මරදාන බලා සවස 3.30 ට දුම්රියක් පිටත් වනු ඇති. මේ අතර, ලබන 8 සහ 15 යන දිනවල පෙරවරු 7.30 ට බෙලිඅත්ත සිට අනුරාධපුරය බලා තවත් දුම්රියක් ධාවනය කරවීමට පියවර ගෙන තිබෙනවා.

    Latest News