IMF එකඟතා, නීතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ජනපති අවධාරණය කරයි

අප්‍රේ 03, 2023

    පාර්ලිමේන්තු අනුමැතියෙන් පසුව අයි.එම්.‍එෆ්. එකඟතා අතර ඇති ප්‍රධාන කරුණු නීතියක් බවට පත් කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ඒ සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි, ජනාධිපතිවරයා කියා සිටියේ.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් පිළිබඳ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා ආචාර්යවරුන් අමතමින්, ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. හමුව ඊයේ පැවැත්වුණේ, මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී.

    මෙරට නිෂ්පාදන හා සේවා ස්වයංක්‍රීය ක්‍රමයකට යායුතු අතර, එසේ නොවුවහොත් ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් සමග තරග කළ නොහැකි බව, රනිල් වික්‍රසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ සදහා අධ්‍යාපන ක්‍රමය අලුතින්ම සකස් කළ යුතුයි. 18 වැනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව, ජනාධිපතිවරයා අවධාරණය කළා.  

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද ආර්ථිකය ගොඩනැගීම සඳහා ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කළා.

    Latest News