පාර්ලිමේන්තුව අද රැස්වෙයි

අප්‍රේ 04, 2023

    පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට යළි රැස් වනවා.

    සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ගැසට් පත්‍රයෙන් පළ කළ නියෝගයක් සහ 1969 අංක එක දරණ ආනයන හා අපනයන පාලන යටතේ ගැසට් පත්‍රයේ ඵල කළ රෙගුලාසි දෙකක් අද දින විවාදයට ගෙන අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

    පස්වරු පහේ සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර තිබෙනවා. අදින් පසු අප්‍රේල් 18 සහ 22 දක්වා යෙදෙන පාර්ලිමේන්තු සතිය වෙනුවට නැවත පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 25 වනදා සිට 28 වනදා දක්වා වන දිනයන්හිදීයි.

    Latest News