රජය වී මෙට්‍රික් ටොන් 55,000ක් මිලට ගනී

මාර් 28, 2023

    රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ, ගොවීන්ගෙන් ඊයේ වන විට වී මෙට්‍රික් ටොන් 55,645 ක් පමණ මිලදී ගෙන ඇති බව, මුදල් අමාත්‍යාංශය පවසනවා.

    මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට රජය රුපියල් බිලියන 10 ක් වෙන් කර තිබෙනවා.  අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මේ වන විට මිලදී ගෙන ඇති වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ‍‍ටොන් 7,600 කට අධිකයි. රුපියල් කෝටි 77 කට ආසන්න මුදලක් ඊට වැය කෙරුණා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් අනුමැතිය ලබා දී ඇති සුළු හා මධ්‍ය පරිමාණ මෝල් මගින් වී මිලදී ගැනීම ක්‍රියාත්මකයි.  

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේද වී මිලදී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් 20 කින් සිදු කරනු ලබනවා. මේ වන විට වී මෙට්‍රික් ටොන් 3500 ක් පමණ මිලදී ගෙන ඇති බව, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ, ධර්මසිරි මහතා සඳහන් කළා. එම වී සහල් කර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ජනතාවට බෙදාදීම සිදු කෙරෙනවා.

    Latest News