දේශබන්දු තෙන්නකෝන්ට පහරදුන් තවත් පිරිසක් අත්අඩංගුවට

අගෝ 30, 2022

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

    පසුගිය මැයි මස 10 වැනිදා කොල්ලුපිටිය පොලිස් වසමේ පෙරහැර මාවතේ මැටි පාර්ක් ක්‍රීඩාංගනය අසල දී එම පහරදීම සිදුවිය.

    අයුතු අවහිරය, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම, සාපරාධී බලහත්කාරය පෑම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඊයේ (29) සවස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුව ගෙන ඇත්තේ වයස අවුරුදු 31, 51 හා 52 හැවිරිදි පිටබැද්දර හා කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    Latest News