2023 පළමු වාරයත් ඇරඹේ

මාර් 27, 2023
    2023 වසරේ පළමු පාසල් වාරය අදින් (27) ආරම්භ වනවා.

    මෙම වසර අවසන් වනවිට අධ්යයන වර්ෂයට අදාළ විෂය නිර්දේශ ආවරණය කර ලබන වසරේ ජනවාරි මාසයේ සිට සාමාන්ය පරිදි පාසල් පළමු වාරය ආරම්භ කිරීමට අවශ්ය සැලසුම් සකස් කර ඇති බවයි අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත පවසන්නේ.

    කෙසේ වෙතත් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් යලිත් වරක් රජයේ සහ රජයේ අනුමත පාසල් අප්රේල් මස 4 වැනිදා නිවාඩු ලබා දෙන බවත් අධ්යාපන අමාත්යාංශය පවසනවා.
     
    අනූව එම පාසල් යළිත් අප්රේල් මස 17 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
     
    පළමු පාසල් වාරයේ දෙවැනි අදියර මැයි මස 12 වන සිකුරාදා තෙක් ක්රියාත්මක වීමට නියමිත අතර අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය සඳහා මැයි මස 13 වැනිදා සිය යළිත් පාසල් නිවාඩු ලබා දෙනු ඇති.

    Latest News