අඩු ආදායම් ලාභීන්ට හෙට (27) සිට නොමිලයේ සහල්

මාර් 26, 2023

    අඩු ආදායම්ලාභී පවුල්වලට නොමිලයේ සහල් බෙදා දීමේ වැඩසටහන හෙට (27) ආරම්භ කෙරෙනවා.

    මේ ‍යටතේ පවුල් ලක්ෂහ 29 කට සෙත සැලසෙනු ඇති.මහ කන්නයේ ලබා ගන්නා වී, සහල් බවට පත් කොට, ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමට නියමිතයි.

    ඒ අනුව, වී මෙට්රිටක් ටොන් 61,300 ක් මිලදී ගැනීමටයි, රජය පියවර ගෙන ඇත්තේ. පළමු අදියර යටතේ, රුපියල් බිලිනය 10 ක වී මිලදී ගැනෙනවා.

    දිස්ත්‍රික්කයේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ වී මිලදී ගනු ඇති. වැඩසටහන යටතේ, එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝ 10 බැගින් ලබා දීමට නියමිතයි.

    මෙය, මාස දෙකක් ක්‍රියාත්මකයි. පවුල් ලක්ෂ 20 කට, සහල් සහනාධාරය ලබා දීමට සැලසුම් කර තිබුණ ද, පසුව එය පවුල් ලක්ෂ 29 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කළ බවයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

    Latest News