සතොසෙන් කුස්සියට වාසියක්

මාර් 24, 2023

    ලංකා සතොස ආයතනය පාරිභෝගිකයටන් සහන සලසමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල පහළ දමා තිබෙනවා.

    එම මිල ගණන් යටතේ අද සිට දිවයිනපුරා ඇති ලංකා සතොස අලෙවිසැල් මගින් පහත සඳහන් භාණ්ඩ මිලදී ගත හැකියි.

    වියළි මිරිස් කිලෝවක නව මිල වන්නේ, රුපියල් 1,380 ක්. අඩු කළ මිල රුපියල් 120 ක්. සුදු ලූනු කිලෝවක් රුපියල් 25 කින් අඩු වී ඇති අතර, නව මිල වන්නේ, රුපියල් 450 ක්.

    හාල්මැස්සන් කිලෝවක නව මිල රුපියල් 1,100 ක් වන අතර, අඩු කළ මිල රුපියල් 25 යි. කඩල කි‍ලෝවක් අලෙවිකරන නව මිල රුපියල් 550 ක්. එය, අඩු කළ මිල රුපියල් 15 කි.

    දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 11 කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 199 ක්. ග්‍රෑම් 425 ක බරින් යුතු ටින් මාලු අලෙවි කෙරෙන්නේ, රුපියල් 520 කටයි.

    ලොකු ලූනු කිලෝවක් රුපියල් 119 ක් වන අතර, දේශීය අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 270 ක්. ඒ අනුව, ටින් මාලු, ලොකු ලූනු, දේශීය ආර්තාපල් රුපියල් 10 බැගින් අඩුව තිබෙනවා.

    සුදු සීනි කිලෝවක් රුපියල් 210 ක් වන අතර, වටානා කිලෝවක නව මිල වන්නේ, රුපියල් 298 ක්.

    මෙම භාණ්ඩ දෙකෙහිම මිල ද රුපියල් 7 බැගින් අඩු කර තිබෙනවා.

    Latest News