අඩු ආදායම් ගොවි පවුලකට රු. 30,000ක්

මාර් 23, 2023

    අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය, මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 6 ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000 කට දීමනාවක් ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.

    ඒ අනුව, එක් පවුලකට රුපියල් 30,000 ක දීමනාවක් හිමිවනු ඇති.

    අක්කරයකට වඩා‍ අඩු, කුඹුරු වගා කරන අඩු ආදායම්ලාභී ගොවි පවුලකට රුපියල් 15,000 බැගින් වාරික 2 ක් යටතේ මෙම දීමනාව ලබා දීමට නියමිතයි. මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව හා මොණරාගල යන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට මෙම දීමනාව හිමිවනු ඇති. පසුගිය මහ කන්නයේදී මෙරට එක් ගොවි පවුලකට රුපියල් එක් ලක්ෂ 9,000 ක පමණ මුදලක් සහනාධාර වශයෙන් ලබා දීමට කටයුතු කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ, රාජ්‍ය සහ වෙනත් අන්තර්ජාතික ආයතනවල සහයෝගයෙන්. වගා කන්නයකදී මෙවැනි මුදලක්, ගොවි ජනතාවට සහනාධාර වශයෙන් ලබා දී නොමැති බවයි, අමාත්‍යවරයා පෙන්‍වා දෙන්නේ.

    Latest News