ජල සේවකයෝ අද වැඩ වරති

මාර් 23, 2023

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අද (23) සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

    ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දිවයින පුරා සියලු කාර්යාලවල සේවකයින් මෙම වැඩ වර්ජනය සදහා සහභාගී වන බවයි අප කළ විමසීමක දී සඳහන් කරුණේ.

    වැඩ වර්ජනය හේතුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යාල සේවාවන් සහ පාරිභෝගික සේවාවන් සහ අයකැමි අංශ ද වසා දැමීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

    එමෙන්ම බස්නාහිර පළාතේ සියළු සේවකයින් අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වීමටද නියමිතයි.

    Latest News