අත්‍යවශ්‍ය ඖෂධ 144 ක් ඇණවුම් කෙරේ

නොවැ 22, 2022

    මෙරට රෝහල් පද්ධතියට අත්‍යවශ්‍ය ඖෂධ 144 ක් හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගැනීමට, ඇණවුම් කර තිබෙනවා.

    මේ වනවිට ඖෂධ වර්ග 152 කට අධික හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.   රෝහල් පද්ධතියට ඖෂධ සැපයුම සිදුකරන්නේ වෛද්‍ය සැපයුම් අංශයයි. අවශ්‍ය සමස්ත ඖෂධ ප්‍රමාණය වර්ග  1,325 ක් පමණ වනවා. ඉන් ඖෂධ 14 ක් ජීවිත ආරක්ෂක ඖෂධ වන අතර 383 ක් අත්‍යවශ්‍ය ඖෂධයි.   ‍

    මෙම හදිසි මිලදී ගැනීම් යටතේ දැනට පවතින ඖෂධ හිඟය ඉදිරි මාස දෙක තුන වනවිට මගහරවා ගනිමින් ණය යෝජනා ක්‍රම ඔස්සේ දැනට ඇණවුම් කර ඇති ඖෂධ කඩිනමින් ‍රෝහල් පද්ධතිය වෙත ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.   දැනට, මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 80 ක් පමණ ආනයනය කරනු ලබනවා. ඊට වැය වන විදේශ විනිමය රට තුළ ඉතිරි කරගැනීමේ අරමුණෙන් මෙරට ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නැංවීමට ද අපේක්ෂිතයි.

    Last modified on අඟහරුවාදා, 22 නොවැම්බර් 2022 20:06

    Latest News