ඉන්ධන වෙළෙඳපොළ විදෙස් සමාගම් 3කට

මාර් 27, 2023

    මෙරට වෙළෙඳපොල තරඟකාරීව තව තවත් ජාත්‍යන්තරයට විවෘත්ත කරමින් විදෙස් සමාගම් 3ක් සඳහා ශ්‍රී ලංකා ඉන්ධන වෙළෙඳපොලේ ගනුදෙණු සඳහා බලපත්‍ර පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    1. චීනයේ සිනොපෙක්
    2. ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම්
    3. අමෙරිකා එක්සත් ජනපදයේ RM Parks



    යන සමාගම් වලට අදාල අනුමැතිය පිරිනැමීමට අද පැවති අමාත්‍යමණ්ඩල කමිටුවේදී තීරණය වී ඇති අතර බලශක්ති කමිටුව සහ අදාල අනෙකුත් ප්‍රසම්පාදන කමිටු ද ඔවුන්ගේ අනුමැතීන් ලබා දී ඇත.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන යන අලෙවි නියෝජිතයන් විසින් මෙහෙයවනු ලබන පිරවුම් හල් වලින් 150 බැගින් මෙම ආයතන වලට වෙන් කෙරෙන අතර මෙරට තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම හා අලෙවි කිරීම සඳහා වසර 20ක් සඳහා බලපත්‍ර ලබා දෙනු ලැබේ.

    තෝරාගත් සෑම සමාගමක් විසින්ම නව ස්ථානවල තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කෙරෙන බවත් අමාත්‍යවරයා විසින් නිකුත් කළ ට්විටර් පණිව්ඩයේ දැක්වේ.

    Latest News