ලංකාවේ උපන් ප්‍රංශ යුවතිය දියඹට (වීඩියෝ)

නොවැ 03, 2022
  • කලම්බු ඩොක්යාඩ් ආයතනය මෙරටදී නිෂ්පාදනය කළ නවතම නෞකාව අද උත්සවාකාරයෙන් දියත් කළා. 

    එය නිපදවා ඇත්තේ, ප්‍රංශයේ ඔරේන් මැරයින් ආයතනය සඳහායි.සොපි ජර්මන් ලෙස නම් කර ඇති නෞකාව නිපදවා ඇත්තේ, දියඹේ රැහැන් ඇදීමේ හා පිළිසකර කටයුතු සඳහා යොදා ගන්නා නෞකාවක් ලෙසයි. එය කලම්බු ඩොක්යාඩ් ආයතනයේ තටාකාංගන පරිශ්‍රයේ සිට දියත් කෙරුණා. මෙම යාත්‍රාවේ මූලික නිර්මාණය සිදු කරනු ලැබ ඇත්තේ නෝර්වේ සමාගමක් විසින්. පරිසර හිතකාමී යාත්‍රාවක් ලෙස මෙය සැලසුම් කර තිබෙනවා.

    යාත්‍රාවේ සවිස්තරාත්මක නිර්මාණ කටයුතු සිදු කළේ, කලම්බු ඩොක්යාඩ් ආයතනයයි. මෙම ආයතනය 2019 දී ජපානය සඳහා  මීටර් 113 ක දිගකින් යුත් දියඹේ රැහැන් ඇදීමේ යාත්‍රාවක් නිර්මාණය කළා. මෙම යාත්‍රාව එම වර්ගයේ දෙවන ‍යාත්‍රාවයි. යුරෝපයට නිපදවන ලද පළමු යාත්‍රාව වන්නේද මෙම යාත්‍රාවයි.                           

    යුරෝපීය වෙළඳ පොළ තුළ ඉහළ පිළිගැනීමක් ඇති වෙළඳ සන්නාමයක් වන ශ්‍රී ලාංකීය ඉංජිනේරුමය තාක්ෂණය මුසුවු ජපන් ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලාංකේය නිමවුම් ඩොක්යාඩ් ආයතනය මගින් ජාත්‍යන්තරයට ලබා දෙනවා. මෙරටට විදේශ විනිමය උපයා ගන්නා. ශ්‍රී ලාංකීය කාර්මිකරණයේ ප්‍රමුඛතම ආයතනයක් ලෙසයි, මෙම ආයතනය සැලකෙන්නේ, ඔරේන්ජ් මැරයින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඩී. ඩිලාඩ් මහතා නෞකාව දියත් කිරීම සනිටුහන් කළා.

    මෙම අවස්ථාවට කලම්බු ඩොක්යාඩ් ආයතනයේ සභාපති හිදෙකි තන්කා මහතා ඇතුළු විදේශ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 නොවැම්බර් 2022 21:40

    Latest News