ජනපති ඉන්දියාවට ශෝකය පළකරයි

ඔක් 31, 2022
    ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.
    ඉන්දීය රජයට මෙන්ම එරට ජනතාවට සහ ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
    "තුවාල වූවන්ට ඉක්මන් සුවය ප්‍රාර් ථනා කරන අතර සිදුවෙමින් පවතින ගලවා ගැනීමේ සහ යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම්වල  සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමි," යනුවෙන් ද එම සටහනේ දැක්වේ.  
    ඊයේ (30) පස්වරුවේ කඩා වැටුණු මෙම පාලම් අනතුරෙන් මේවන විට පුද්ගලයින් 100කට අධික පිරිසකට දිවි අහිමි වී ඇත. තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර 72 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව තිබේ. 
     
    HE 900px 22 10
    Last modified on සදුදා, 31 ඔක්තෝබර් 2022 09:29

    Latest News